අනියම් පෙමක පහසේ පැටලී, මිතුරාව සාහසික ලෙස ඝාතනය කළ අමානුෂික පුවතක්.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Sep 22, 2023 06:43 PM GMT
krishani

krishani

in අපරාධ
Report

කුරුවිට - කොකෝවිට ප්‍රදේශයේ දී යකඩ මුගුරකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ පහර දුන් පුද්ගලයා මිතුරන් දෙදෙනකු බවත්  ඔවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූවන් බවත් පොලිසිය පැවසීය.

මෙම පහරදීම සිදු කළ පුද්ගලයා තම මිතුරාගේ බිරිය සමඟ සම්බන්ධතාවක් පවත්වා තිබෙනවා.

සැමියා විසින් ඔහු පිළිබඳ කළ ප්‍රකාශයක් අදාළ කාන්තාව ඝාතනය සිදු කළ මිතුරාට පවසා ඇත.

ඒ අනුව කෝපයට පත් ඔහු මිය ගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඔහුට පහර දී තම නිවෙසට ද පැහැර ගෙන ගොස් මුගුරකින් පහර දී ඇත.

එහිදී එම ශබ්දය ඇසී ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කර ඇතත් ඒ වන විටත් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් 32 හැවිරිදි එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් විය.

මෙම පහර දීම සිදු කළ පුද්ගලයා ඊයේ (22) රත්නපුර පොලිසියට භාර වී තිබෙනවා.  

කෙසේ වෙතත්, ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ද රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත සිටින අයෙක් බව සඳහන් වේ.