අවන්හලක් අසල පිහි ඇණුමක්..

Sri Lanka Police Crime
By krishani Dec 18, 2022 09:39 AM GMT
Report

කොහුවල ප්‍රදේශයේ අවන්හලක් අසළ සිදු වූ පිහි ඇණුමකින් එම අලෙවිසැලේ හිමිකරු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

කොහුවල පොලිසියේ නිලධාරියෙකු සමඟ පැමිණි අයෙකු ඊයේ (17) රාත්‍රියේ තමන්ට පිහි ඇනුම සිදුකළ බව තුවාල ලැබූ අවන්හල් හිමිකරු පවසයි.

ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ පිහි ඇණුම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join