තරුණ කතකට වෙඩිත් තියලා කරලා ගිය කැත වැඩේ..

Sri Lanka Police Sri Lanka Police Investigation Hospitals in Sri Lanka Crime Latest Headlines
By krishani Jun 15, 2024 09:39 AM GMT
krishani

krishani

in අපරාධ
Report

නාඳුනන පුද්ගලයෙකු විසින් කාත්තන්කුඩිය අහමඩ් පාර ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට වෙඩිතබා බියගන්වා තිබෙනවා.

තරුණ කතකට වෙඩිත් තියලා කරලා ගිය කැත වැඩේ.. | Crime At Kaththandiya

එලෙස වෙඩි තබා බිය ගන්වා මුදල් හා රන් භාණ්ඩ පැහැරගැනීමක් සිදුකර ඇත.

සැකකරු විසින් අදාළ කාන්තාවට ගිනිඅවියෙන් සහ අතින් පහරදීමක්ද සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එම පහරදීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි එම කාන්තාව කාත්තන්කුඩිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරුකර යවා තිබෙනවා.

අදාළ සැකකරු විසින් කාන්තාවගේ බෑගයේ තිබූ රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ 20ක මුදලක් කොල්ලකා පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලට අනුව ආරියම්පති නැගෙනහිර ප්‍රදේශයේ 43 හැවිරිද පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.