පුතුන් දෙදෙනෙක් එකතු වෙලා ලොකු තාත්තාට හෙල්මටයෙන් පහර දී ඝාතනය කරලා - සංවේදී පුවතක්.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Jul 26, 2023 10:54 AM GMT
krishani

krishani

in අපරාධ
Report

කදපොල වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙක් විසින් තවත් පුද්ගලයෙක්ට හෙල්මටයෙන් ප්‍රහාරයක් එල්ල කිරිමෙන් බරපතළ තුවාල ලැබූ පහර කෑමට ලක් වූ පුද්ගලයා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි 46 හැවිරිදි පුද්ගලයා මියගොස් තිබෙනවා.

මෙලෙස ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ මියගිය පුද්ගලයාගේ බාල සොයුරාගේ පුතුන් දෙදෙනා විසින් ය.

ඔවුන් අධික ලෙස බීමත්ව පැමිණ මියගිය පුද්ගලයාගේ වෙළඳසැල අසල දී මෙලෙස පහර දී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙලෙස පහර දුන් පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කදපොල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.