තියුණු ආයුධයකින් පහර දී සිදුකළ මනුෂ්‍ය ඝාතනය..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death
By krishani Sep 09, 2023 04:38 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (08) රාත්‍රියේ කළුතර - සේරුපිට ප්‍රදේශයේ දී තියුණූ ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කළුතර සේරුපිට කොළඹගේ වත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි 61 හැවිරිදි ශ්‍රවන සහ කථන ආබාධ සහිත පුද්ගලයෙක් ය.

ඊයේ සවස ඔහු අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමට යන බව පවසා නිවසින් පිට ව ගොස් තිබෙනවා.

නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් සිදු කළ සොයාබැලීමක දී අසල්වැසි නිවසක් ඉදිරිපිට කැපුම් තුවාල සහිත ව බිම වැටී සිට ඇති අතර නිවැසියන් විසින් ඔහු රෝහල්ගත කර ඇත.

ඉන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකරුවෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම අවස්ථාවේ දී මත්පැන් පානය කර සිටි තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගෙන් සැකකරු ණය මුදලක් ලබා ගෙන ඇති අතර එය නැවත  ඉල්ලූ අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් සිදු වී තිබෙනවා.

ඒ බව ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දියණිය විසින් පොලීසියට පවසා ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් කළුතර - දකුණ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කෙසේ වෙතත්, සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.