පොල් උලකින් පහර දී සිදුකළ අමානුෂික ඝාතනය..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By krishani Jun 03, 2023 03:46 AM GMT
krishani

krishani

in අපරාධ
Report

කැකිරාව - සෙක්කුපිටිය ප්‍රදේශයේ නිවසකදී , පොල් උලකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි දෙදරු මවක් ය.

ඇයගේ සැමියා පවසා ඇත්තේ, ඇය පෙරේදා (01) රාත්‍රියේ කාමරයේ නිදා සිටිය දී කිසියම් පුද්ගලයෙකු විසින් ඇය ඝාතනය කර ඇති බවයි.

ඒ මොහොතේ ඇයගේ සැමියා සහ දරුවන් දෙදෙනා වෙනත් කාමරයක නිදා සිට තිබෙනවා.

ඊයේ උදෑසන ඇයගේ සිරුර දුටු බව සැමියා පොලිසියට පවසා ඇත.

මොවුන් අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සෙක්කුපිටිය නගරයේ කුලී නිවසක සිට ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join