වැඩිමල් සොයුරාගේ කිහිලිකරු පහරින් බාල සොයුරා මිය යයි.

Sri Lanka Police Sri Lanka Crime
By krishani May 19, 2023 06:04 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (18) අයියාගේ කිහිලිකරු පහරින් බරපතළ තුවාල ලැබූ බාල සොයුරෙකුගේ පුවතක් කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

තුවාල ලැබු එම පුද්ගලයා හේනේවල දිසා රෝහලට ඇතුළත් කිරීමේ දී ඊයේ මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පහළ කඩුගන්නාව මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් ය.

බීමත්ව පැමිණි ආබාධිත වැඩිමල් සොයුරා සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.

පහරදුන් 56 හැවිරිදි සැකකරු මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත්, අද (19) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join