තවත් මනුෂ්‍ය ඝාතනයක්..

Sri Lanka Police Crime
By krishani Dec 16, 2022 05:17 AM GMT
Report

ඊයේ (15) ඉංගිරිය පොලිස් වසමේ කැටකැඩැල්ල ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදු වී ඇත.

අත් පා ගැට ගසන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මළ සිරුර සොයාගෙන ඇත.

මිය ගිය පුද්ගලයාගේ මුඛය හා දෙපා රෙදිවලින් ගැට ගසා තිබී ඇති අතර, සිරුරේ තැනින් තැන කැපුම් තුවාල ද ඇත.

මරණකරු ව‍යස අවුරුදු 45ත් 50ත් අතර පුද්ගලයකු බව විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර මෘත ශරීරය හොරණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඉදිරි විමර්ශන කටයුතු ඉංගිරිය පොලිසිය මඟින් මෙහෙයවනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join