උපන්දිනය සමරන්න ඩුබායි එක්ක ගියේ නැහැ කියලා කතකට හොඳටම කේන්ති ගිහින් - විවාහ සංවත්සරය දවසෙත් තෑග්ගක් දෙනකම් බලන් ඉඳලා.. අවසානයේ සැමියාට අත්වුණ ඉරණම කවුරුත් හිතන්නවත් නැතුව ඇති..

India Crime Death
By krishani Nov 25, 2023 04:57 PM GMT
krishani

krishani

in අපරාධ
Report

කෝපයට පත් කාන්තාවක් ඇගේ සැමියාට පහර දී ඝාතනය කළ පුවතක් ඊයේ (24) ඉන්දියාවෙන් වාර්තා විය.

ඒ ඇගේ උපන්දිනය සැමරීමට ඩුබායි රැගෙන නොයාම හේතුවෙන් ය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 38ක ඉන්දියාවේ පුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

අදාළ කාන්තාවගේ උපන්දිනය සැප්තැම්බර් 18 වනදාට යෙදී තිබී ඇති අතර ඇයට සිය උපන්දිනය ඩුබායිහිදී සැමරීමට අවශ්‍ය වී තිබෙනවා.

නමුත් සැමියාගෙන් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.

එම සිදුවීමට ඇය කණගාටුවෙන් පසු වූ පසුබිමක මෙම යුවළගේ විවාහ සංවත්සරය ද නොවැම්බර් 05 වන දිනට යෙදී ඇත.

ඇය එදින ද සිය සැමියාගෙන් වටිනා ත්‍යාගයක් බලාපොරොත්තු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

නමුත් ඒ වෙනුවෙන් ද කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මොවුන් අතර ඇති වූ ගැටුම් දුර දිග ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇත.