යුවළකට කළ අමානුෂික පහරදීමෙන් සැමියා මිය යයි..

Sri Lanka Police Crime
By krishani Nov 30, 2022 08:53 AM GMT
Report

අද (30) පෙරවරුවේ හික්කඩුව - වෑවල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැළකට කඩාවැදුණු පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මියගිය පුද්ගලයාට මෙන්ම ඔහුගේ බිරිඳට ද තියුණු ආයුධවලින් පහරදී ඇති අතර සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join