වසර 45 ක් පුරා පැවති ගැටුම ඝාතනකින් අවසන් වූ ගම්පොළ ප්‍රදේශයෙන් ඇහෙන ඇග කිලිපොලා යන පුවත.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Aug 13, 2023 09:53 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ගම්පොළ කොස්පොල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු පිහියකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ මස්සිනා ගම්පොළ ඇත්ගාල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර වසර 45 පුරා පැවති ආරවුලක් ඉස්මතු වී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසන්නේ.

මරණකරු අවුරුදු 73 ක පුද්ගලයෙක් වන අතර සැකකරු 70 ක පුද්ගලයෙක් වනවා.

මෙහිදි මෙම පුද්ගලයන් දෙදෙනා අතර වසර ගණනාවක් ආරවුලක් පැවති අතර ඉන් ගැටුම දුරදිග ගොස් මෙම සිදුවීම සිදුව තිබෙනවා.

- සිතුමි -