වෙඩි තැබිමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Crime
By krishani Apr 16, 2023 08:46 AM GMT
Report

ඊයේ (15) රාත්‍රියේ, ගාල්ල - දඩැල්ල ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ, 36 හැවිරිදි පුද්ගලයෙක් ය.

එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ, දඩල්ල ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයකින් පසු රාත්‍රී කාලෙයේ පැවති DJ සංගීතයක් නරඹමින් සිටි මරණකරු ඉලක්ක කර ගනිමින් ය.

කෙසේවෙතත් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, වෙඩි තැබීම සඳහා සැකකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති බවත් මරණකරු හා සැකකරුවන් අතර නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පැවති අමනාපයක් හේතුවෙන් බවත් ය.

එමෙන්ම එක් සැකකරුවෙකු මරණකරුගේ ඥාතියෙකු වන අතර මෙම වෙඩි තැබීමට පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join