නාඳුණන පුද්ගලයින් දෙදෙනෙකුගෙන් වෙඩි ප්‍රහාරයක් - පුද්ගලයෙක් තුවාල ලබයි..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Apr 28, 2023 04:14 AM GMT
krishani

krishani

in අපරාධ
Report

දික්වැල්ල - වලස්ගල දෙමටපිටිය මංසන්ධියේ වෙඩිතැබිමක් සිදු වී තිබෙනවා.

ඒ නාඳුණන පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනි අවියකින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ එම පුද්ගලයා දික්වැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතර මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙමටපිටිය ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මොහු දෙමටපිටිය මංසන්ධියේ බුලත්කඩයක් පවත්වාගෙන ගොස් ඇත.

ඊයේ (27) රාත්‍රියේ වෙළඳසැල වසා නිවසට යමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

කෙසේවෙතත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join