පුද්ගලික ආරවුල දුරදිග යයි - තියුණු ආයුධයකින් පහර දී සිදුකළ මනුෂ්‍ය ඝාතනය. (VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Jun 11, 2023 05:46 AM GMT
krishani

krishani

in අපරාධ
Report

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ පුවතක් දෙහිවල ඕබන් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඒ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එයින් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කළුබෝවිල රොහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි දෙහිවල ඕබන් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් ය.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.  

විඩියෝ අයිතිය - Ada Derana


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join