පිහියකින් සහ අලවංගුවකින් පහර දී සිදුකළ අමානුෂික මිනිස් ඝාතනය.

Sri Lanka Police Sri Lanka Crime
By krishani Apr 12, 2023 02:37 AM GMT
Report

ඊයේ (11) සවස් කාලයේ, චාවකච්චේරිය පොලිස් වසමේ මීසාලේ ප්‍රදේශයේ දී පිහියකින් සහ අලවංගුවකින් පහර දී පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.

මියගොස් ඇත්තේ, 43 හැවිරිදි වියේ පසු වූ ආනකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික රෝහල් සාත්තු සේවකයෙක් ය.

එම ඝාතනය සිදුකළ සැකකරු මානසික ආබාධයක් හේතුවෙන් තෙලිප්පලේ මානසික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහුගේ සාත්තු සේවකයා වශයෙන් කටයුතු කර ඇත්තේ මරණකරු වේ.එහිදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇත්තේ.

සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර චාවකච්චේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join