දුරදිග ගිය පවුල් ආරවුල ගෙනා විපත..

Sri Lanka Police Crime
By krishani Jan 14, 2023 05:21 AM GMT
krishani

krishani

in අපරාධ
Report

බොරැල්ල - සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ දී තියුණු ආයුධයකින් පහරදි කාන්තාවක් ඝාතනය කර ඇත.

ඊයේ (13) රාත්‍රියේ පවුල් ආරවුලක් මත සැමියා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පැවසයි.

32 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ. ඝාතනය සිදුකළ පුද්ගලයා එම මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ සිට බිමට පැන ඇත.

බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය කාන්තාවගේ මෘත ශරිරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය අද (14) සිදුකිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join