සාහසිකව අත් පා, හිස වෙන් කළ කතගේ ඝාතනයේ සුලමුල එළියට - ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමු වුණ නොහිතපු තැන.. විමර්ශනවල දී හෙළි වූ දේ..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By krishani Oct 02, 2023 10:05 AM GMT
Report

බියගම - කොට්ටුන්න වැව් ඉවුරේ තිබී අත් පා සහ හිස නොමැතිව හමු වූ කාන්තාවගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමු වී තිබෙනවා.

ඒ නුවරඑළිය, සඳතැන්න විහාරස්ථානයේ තිබී ය.

සැකකාර අදාළ ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැත.

පොලිසිය සඳහන් කළේ, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් 3 ක් යොදවා ඇති බවයි.

මෙලෙස අතුරුදන් වූයේ ටී.ජි. ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවයි.

ඒ පසුගිය 28 වන දා ය.

ඇයගේ දියණිය විසින් මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කර තිබු අතර ඒ අනුව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළේ ය.

එහිදී ඝාතනයට ලක් වූ මෙම කාන්තාවගේ සිරුර බියගම - කොට්ටුන්න වැව් ඉවුරේ තිබී පොලිසියට හමු වීය.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී අනාවරණය වුණේ මෙම කාන්තාව පසුගිය 27 වන දා කඩුවෙල ප්‍රදේශයේ ආපන ශාලාවකට තවත් පුද්ගලයකු සමඟ පැමිණ ඇති බවයි.

ඒ ව්‍යාපාරිකයෙක් බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

එම පුද්ගලයාට හිමි සියඹලාපේ ප්‍රදේශයේ නිවෙසක් පරික්ෂාවට ලක් කළ අතර එහිදී ඝාතනය අදාළ නිවෙස තුළ සිදු වූ බවට සාක්ෂි කිහිපයක් හමු වී ඇත.

ඒ අනුව මිය ගිය කාන්තාව සහ ව්‍යාපාරිකයා අතර වසර 20 ක පමණ කාලයක සිට මිතුදමක් පැවති බවට පොලිසිය අණාවරනය කරගෙන ඇත. 

මේ අතර මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කර හිස හා අත් පා නොමැති සිරුර සියඹලාපේ ප්‍රදේශයේ දමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය වෙත භාර වී  ඇත.

කෙසේ වෙතත්, ව්‍යාපාරිකයෙකු වන එම සැකකරු සිය නීතිඥයින් සමග සපුගස්කන්ද පොලීසිය වෙත පැමිණ මෙලෙස භාර වී තිබෙනවා.