දෑත් රෙදි පටියකින් බැඳ නිදා සිටි ඇඳ මතම කාන්තාවක් කුරිරු ලෙස ඝාතනය කරලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Aug 18, 2023 07:02 PM GMT
krishani

krishani

in අපරාධ
Report

බඩල්ගම - දකුණු කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ මරදවත්ත නැමති ඉඩමක මුරකාරිය ලෙස සේවය කළ කාන්තාවක මුර නිවසේ කාමරයක් තුළ ඝාතනය කර සිටිය දී සොයාගෙන ඇත.

මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ 59 හැවිරිදි කාන්තාවක් ය.

මෙම සිරුර සොයාගෙන ඇත්තේ ඇයගේ දෑත් රෙදිපටියකින් බැඳ නිදා සිටි ඇඳ මත ඝාතනය කර තිබිය දී ය.

පොලිසිය සැක පළ කරන්නේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අදාළ කාන්තාව රැදී සිටි මුර නිවසේ වහලේ උළු ඉවත් කර නිවසට ඇතුල් වී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි.

කෙසේවෙතත් අදාළ කාන්තාව ඇය මුරකළ මෙම පොල් ඉඩමේ වසර 27 ක කාලයක් මුරකරු ලෙස සේවය කර ඇත.