දුරදිග ගිය බහින්බස් වීමෙන් මාමණ්ඩිය ඝාතනය කළ බෑණා - පෙම්වතියටත් ආයුධ ප්‍රහාරයක් එල්ල කරලා.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Jul 08, 2023 07:43 AM GMT
krishani

krishani

in අපරාධ
Report

දුරදිග ප්‍රේම සබඳතාවයක් හේතුවෙන් පෙම්වතියගේ පියා ඝාතනය කර පෙම්වතියට ද තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කිරීමක් පුවතක් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අවිස්සාවේල්ල හේවායින්න බදුවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දී මෙම ඝාතනය සිදු කර තිබෙන්නේ.

ඒ ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යක්දෙහි දේවගේ චන්ද්‍රපාල නමැති 60 හැවිරිදි පුද්ගලයෙක් වේ.

ඝාතනය සම්බන්ධයෙන් 27 හැවිරිදි පුද්ගලයකු හදුනාගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.