වෙඩි තැබිමකින් 06ක් ජිවිතක්ෂයට - අපරාධකරුවන් නිදැල්ලේ බැවින් නිවෙස්වලින් පිටතට නොඑන ලෙස ජනතාවට දැනුම්දීමක්.. (විදෙස්)

Australia Crime
By krishani Dec 13, 2022 05:20 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඔස්ට්‍රේලියාවේ - ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිස්බේන් නගරයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පවසන අතර අපරාධකරුවන් තවමත් නිදැල්ලේ පසුවන බැවින් නැවත දැනුම්දෙන තුරු නිවෙස්වලින් පිටතට නොඑන ලෙස ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී ඇත.

මියගොස් ඇති අනෙක් සිව්දෙනා ප්‍රදේශවාසීන් වන බව විදෙස් මාධ්‍ය පවසයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join