අනියම් සම්බන්ධතාවය ගෙනා ඛේදවාචකය.

Sri Lanka Police Crime
By krishani Apr 18, 2023 01:58 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඇන්දාන - මඩලගම ජනපදය ප්‍රදේශයේ දී පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහු කහවත්ත රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (17) මියගොස් තිබෙනවා.

මෙම පහරදීම පසුගිය 16 වනදා සිදුකර ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

මරණකරු හා සැකකරුගේ බිරිඳ අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් එම ඝාතනයට හේතු වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join