"පුතාගෙනුත් දරුවෙක්.. පියාගෙනුත් දරුවෙක්.." - පුතාගේ අඹුවට වහ වැටුණු පියා පුතාව මරා දමා කළ අමුතුම පාපොච්චාරණය..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death Murder
By krishani Feb 11, 2024 06:44 PM GMT
krishani

krishani

in අපරාධ
Report
Courtesy: Hiru news

පෙරේදා (10) දින අඹතලේ වෑකන්ද පාරේ නිවසක දී පියෙකු විසින් තියුණු ආයුධයකින් ගෙළ කපා සිය පුතු ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වීය.

"පුතාගෙනුත් දරුවෙක්.. පියාගෙනුත් දරුවෙක්.." - පුතාගේ අඹුවට වහ වැටුණු පියා පුතාව මරා දමා කළ අමුතුම පාපොච්චාරණය.. | Crime At Ambathale

නිවසේ පැවති මත්පැන් සාදයක් අතරතුර දී මෙම ඝාතනය සිදුව තිබෙනවා.

එලෙස පුතුව ඝාතනය කළ සැකකාර පියාගෙන් පොලීසිය විසින් ප්‍රශ්න සිදුකර ඇත.

එහිදී සැකකරු විසින් එම කළ ප්‍රශ්න කිරීම්වලදි ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් පාපොච්චාරණය කර ඇති බව සඳහන් විය.

කෙසේ වෙතත්, සැකකාර පියා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

"පුතාගෙනුත් දරුවෙක්.. පියාගෙනුත් දරුවෙක්.." - පුතාගේ අඹුවට වහ වැටුණු පියා පුතාව මරා දමා කළ අමුතුම පාපොච්චාරණය.. | Crime At Ambathale

"මම මගේ පුතාගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා.ඇයත් සමඟ මම ලිංගිකව එකතුවෙනවා මගේ පුතා දැක්කා.

පසුව මම පුතාගේ බිරිඳත් එක්ක නුගේගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචියට ගියා. අවුරුදු 10ක විතර කාලයක් අපි එකට පවුල් කනවා.

මගේ පුතාගෙන් එයාට දරුවෙකුත් ඉන්නවා.මගෙනුත් එයාට දරුවෙක් ඉන්නවා.

මගේ පුතා වෙනත් කාන්තාවක් සමඟ විවාහ වෙලා තිබුණා. ඒත් එයත් එක්ක ප්‍රශ්න ඇතිකරගෙන දැන් ඒ බිරිඳ විදේශගත වෙලා. පස්සේ පුතා එයාගේ පළමු බිරිඳ වන දැන් මගේ බිරිඳට ඇමතුමක් දීලා කියලා තියෙනවා.

ඒ තමයි මම අලුතින් ගෙයක් හැදුවා, ඒකට ලබන 14 වැනිදා පදිංචියට යනවා, පවුල් ප්‍රශ්න අමතක කරලා එන්න කියලා.ඉතිම් අපි එකට ජීවත්වෙමු කියලා.

මගේ බිරිඳත් ඒකට කැමති වෙලා. ඒක මට දරාගන්න බැරි වුණා. මම මෝදර කෝවිලට ගිහින් දෙවියන්ට කන්නලව් කරලා පොල් ගැහුවා මගේ පුතාගේ දෙවැනි බිරිඳ ලංකාවට ගෙනත් දෙන්න කියලා.

පස්සේ මම එන ගමන් අරක්කු බෝතලයකුත් අරගෙන ගෙදර ආවා. එතකොට මගේ පුතා යහළුවෙක් එක්ක මත්පැන් බොනවා. මමත් ඒ අයත් එක්ක බිව්වා. පුතාට වැඩි වුණා. පස්සේ අලුත් නිවසේම පැදුරක් දාලා එයා නිදිකෙරෙව්වා. එයාගේ පළමු බිරිඳ වන මගේ වත්මන් බිරිඳ එක්ක යළිත් පවුල් කන්න යන එක ගැන මට ක්‍රෝධයක් ඇති වුණා.

මම එයාම ගෙනත් තිබුණ අලුත් මන්නයකින් එයාගේ බෙල්ල වෙන්වෙන්නම කැපුවා"