අඹු සැමි ආරවුලකින් සැමියා බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ ඛේදනීය පුවතක්..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Dec 25, 2022 07:01 AM GMT
Report

අම්බලන්තොට - දැහැමිපුර ප්‍රදේශයේ නිවසක බිරිඳ සහ සැමියා අතර ඇති වූ ආරවුලකින් ඝාතනයක් සිදුව ඇත.

ඒ සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

අදාළ සැකකාර සැමියා විසින්ම පොලීසියට ගොස් බිරිඳ ඝාතනය කළ බවට කළ දැනුම්දීම කර ඇති අතර පසුව පොලීසිය විසින් ඝාතනය සම්බන්ධයෙන් 55 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

නිවස පරීක්ෂා කිරීමේ දී මරණකාරියගේ මෘත ශරීරය හමුව ඇති අතර මියගිය කාන්තාව 50 හැවිරිදි අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) දින සිදුකිරීමට නියමිත අතර සැකකරු ද අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join