දුරදිග ගිය බහින්බස් වීමෙන් කෝප වූ මුණුබුරා මිත්තනිය සහ සීයාව ඝාතනය කරලා..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Apr 05, 2023 04:03 AM GMT
Report

ඊයේ (04) රාත්‍රි කාලයේ දී, නාවෙලගම - බල්ලකෙටුව ප්‍රදේශයේ දී මුණුබුරා විසින් සිය මිත්තනියට සහ සීයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

එසේ මියගොස් ඇත්තේ, 75 හැවිරිදි පුද්ගලයෙකු සහ 69 හැවිරිදි කාන්තාවක් ය.

මරණකරු හා මරණකාරිය ඔවුන්ගේ මුණුබුරා සමග බල්ලකෙටුව ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිට ඇති අතර මරණකරුවන්ගෙන් මුණුබුරා මුදල් ඉල්ලා ඇත.

එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී එම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.මෘත ශරීර දෙමෝදර හා බදුල්ල රෝහල්වල තැන්පත්කර ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට බල්ලකෙටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join