හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතකයා සම්බන්ධයෙන් හෙළි භයානක කතාව.. ඔහුත් කොටුවෙයි...

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime
By Sithumini Jul 19, 2024 12:14 PM GMT
Report

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ධම්මික නිරෝෂණව ඔහුගේ නිවාස ඉදිරිපිටදී ඝාතනය කිරීමට සම්බන්ධ වෙඩික්කරු මේ වන විය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසීය පවසනවා.

ධම්මික නිරෝෂණ හෙවත් ජොන්ටි ඝාතනය සඳහා සැකකරුවන් තිදෙනෙක් පැමිණ තිබූ අතර අනෙක් දෙදෙනාව හදුනාගෙන ඇති බවද නිලධාරින් පවසනවා.

එම සැකකරුව ඊයේ (18) සවස අත්අඩංගුවට ගත්තේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් ගත් බවයි එම ඒකකය පැවසුවේ.

මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ බලපිටිය රන්දොඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,800 ක්ද සමගයි.

වෙඩික්කරුවන් වෙස්වලාගැනිමට යොදාගත් ඇඳුම් කට්ටල ඇල්පිටිය කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් විසින් සොයාගෙන තිබුණා.

ඝාතනය විදෙස් රටකින් ලැබුණු කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවට පොලීසිය සැකපළකරනවා. එම සැකකරු බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගොස්තු 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

පසුගියදා ඔහු ඝාතනයට ලක්ව තිබුණේ නිවසින් පිටතට යාමට උත්සාහ කිරීමේදි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කායකයෙකුද වනවා.