මේ දිනවල වැලදෙන කැස්සට ගුණ දෙන පානය.
By Subodha
ආදරේ හංගන්න පුළුවන් හැබැයි මොනා කළත් කැස්ස හංගන්න බෑ කියලා අර කතාවක් තියෙනවනේ.ඒ තරමට ම කැස්ස කියන දේ තැනක් නොතැනක් නැතුව අපව අපහසුතාවයට පත් කරන්නක් බව ඔබට මා අමුතුවෙන් කිව යුතු නැහැ.කැස්ස කිව්වම සාමාන්‍යයෙන් සෙම් සහිත සහ රහිත කියලා දෙකක් තියෙනවනේ. අද කතා කරන්නට යන්නේ මෙන්න මේ සෙම කැඩී නොඑන වියළි කැස්සට අත්දුටු ප්‍රතිකාරයක් ගැන.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කැරට්
- පිරිසිදු මී පැණි මේස හැදි 4ක්
- ජලය
සකස් කරගන්නා අන්දම:
- පළමුව පිරිසිදු කරගත් කැරට් කුඩා කැබලි වලට කපා ගන්න. ඊට පස්සේ කැරට් කෑලි මෙලෙක් වන තරමට තම්බා ගන්න. කැරට් තම්බා ගත්ත වතුර විසික් කරන්න නම් එපා එය පැත්තකි තබා ගන්න. තම්බාගත් කැරට් කෑලි ටික blend කර juice එක හදාගන්න. අපි අර කලින් පැත්තකින් තිබ්බ කැරට් තම්බපු වතුර එක දැන් අරගෙන එයට මී පැණි ටික එකතු කරගන්න. ඊට පස්සේ අපි හදපු carrot juice එක එකතු කරලා හොදින් කලවම් කරගන්න. දැන් අපි කැස්සට ගුණදෙන කැරට් පානය සකසා ගෙන නම් ඉවරයි නමුත් එම පානය ශීතකරණයේ නම් තියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ මේ පානයෙන් තේ හැදි 3 ක් හෝ 4 ක් බොන්න. දින 2කින් ඔබට සහනයක් ලැබේවි.
උපුටා ගැනීම - අන්තර්ජාලය
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |