මෙන්න ලොකු පොඩි හැමෝටම පාට පාට ලේස් පෑන්කේක්....

Healthy Food Recipes
By Subodha Jun 11, 2022 04:28 AM GMT
Report

ඔන්න ලොකු පොඩි හැමෝම ආස කරන. කලඩ් ලේස් පෑන්කේක් මේ පෑන්කේක් එක විවිධ රටවල විවිධ නම් වලින් හදුන්වනවා. ඒ වගේම විවිධ රටවල අය ඒ රටවලට ආවේනිකව හදනවා. ඉතින් මේක ජෑම්,බටර්,පැණි,මේපල් සිරප් වගේම අපේ සාම්ප්‍රදායික පැණි පොල් එක්කද කෑමට ගතහැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි 200g
  • වතුර 300ml
  • කිරි 200ml
  • සීනි මේස හැදි 2ක්
  • බිත්තර 2
  • පයිපින් බෑග්
  • තෙල් මේස හැදි 3 ක්
  • තමන් කැමති වර්ණක


සාදන ආකාරය

පලමුව වර්ණක හැර අනිකුත් දෑ එකට දමා කැට නොසිටිනසේ බ්ලෙන්ඩ් කර ගන්න. මෙය දියාරු මිශ්‍රණයක් විය යුතුයි.ගනකම වැඩි නම් පමණක් වතුර චුට්ටක් එකතු කරන්න. දැන් මෙම මිශ්‍රණය කොටස් කිහිපයකට වෙන්කර විවිධ පාට යොදා ගන්න. ඉන්පසු තෙල් තැවරූ නන්ස්ටික් තැටියක් මද ගින්දරේ රත් වෙන්න තියෙන්න. මේ අතර තුර පෑන්කේක් මිශ්‍රණය පයිපින් බෑග් එකකට දමා එහි ඉතා සිහින් සිදුරක් කපා රත්වූ තැටියට ලේස් එකක ආකාරයට රවුමට පයිප් කරන්න ඉන්පසුව දෙපැත්ත දමා පිගානකට අයින්කර රෝල් කර ගන්න. පසුව නිවෙන්නට හැර මද රස්නෙන් කන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
join now