පොල් හිඟයක් අත ළඟ ද?. පොල් ගැන අනතුරු ඇඟවීමක්.
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
මේ වසරේ පොල් වගාවට නිර්දේශ කර ඇති පොහොර නිසි පරිදි නොලැබීම හේතුවෙන් 30%ක් පොල් ඵලදාව අඩුවිය හැකි බව අනතුරු අඟවා තිබෙනවා.
ඒ පොල් පර්යේෂණ ආයතනය විසින් ය.
මේ තත්ත්වය මත ඉදිරියේ දී වෙළෙඳපොළ තුළ පොල් හිඟයක් ඇති විය හැකි බව සඳහන් වේ.
මේ අතර පොල් සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනු ලබන්නේ මෙරට වාර්ෂික පොල් අවශ්‍යතාව පොල් ගෙඩි බිලියන 4.9ක් බවයි.
නමුත් වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි බිලියන 3.1ක් පමණ වේ.
කෙසේ වෙතත්, පොල් වගාවේ පෙර පරිදි අස්වනු ලබා ගැනීමට අවම වසර තුනක කාලයක්වත් ගත වන බව පොල් පර්යේෂණ ආයතනයේ ප්‍රකාශකයකු කියා සිටියේ ය.