ටැටූ දුලාන්ගෙන් වසන්තගේ මරණය ගැන රහස් ප්‍රකාශයක් -21 හැවිරිදි තරුණිය සියල්ල පාපොච්චාරණය කරයි..

Crime Gun Shooting Murder Latest Headlines
By Sewvandhi Jul 22, 2024 08:23 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ, සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන දුලාන් සංජය හෙවත් ටැටූ දුලාන් නැමැත්තාට අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බව ඔහුගේ නීතිඥයින් දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව ඔහුගේ එම රහස් ප්‍රකාශය අද (22) දහවල් 12.00න් පසු ලබාගැනීමට අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (22) පෙරවරුවේ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ටැටූ දුලාන් ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.

මේ අතර මෙම සිද්ධියට පෙරේද‍ා දින අත්අඩංගුවට ගැනුණු 21 හැවිරිදි තරුණිය ද අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් සිටි ආකාරය දැකගත හැකි වුණා. මෙම තරුණිය දුලාන් සංජය නැමැත්තාගේ ඥාතියෙක් බව සඳහන්.