රටම කැළඹූ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම ගැන ඇහෙන නවතම තොරතුරු..

Crime Branch Criminal Investigation Department Murder
By Sithumini Aug 20, 2024 08:09 AM GMT
Report


සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම

පිළිබදව රටේම දැඩි අවදානයට පාත්‍ර වුණු කාරණයක් වුණා. එවැනි පසුබිමක ක්ලබ් වසන්ත ඝාතනය ලොකු පැටී නම් අපරාධකරුගේ මෙහෙයවීම යටතේ සිදුවූවක් බවට මේ වන විට තොරතුරු අනාවරණය වී අවසන්.

මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් ලබන සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කෙරුණා.

ඒ සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පවරන ලෙසද මෙහිදී කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

එසේම සැකකරුවන් හට ජීවිත තර්ජන ඇති බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දැක්වීම මත ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.