වසන්ත ඝාතනය සම්බන්ධයෙන් 7 දෙනෙකු පැය 24 ඉක්ම යාමේදීම අතඩංගුවට...තවත් තොරතුරු රැසක් එළියට...

Crime Branch Criminal Investigation Department Crime Murder
By Sithumini Jul 09, 2024 01:08 PM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report

ඊයේ සිදුවූ ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අනෙක් සැකකරුවන් වන්නේ අදාළ වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයන් සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් බවයි.

මේ සම්බන්ධය්ව්න් විමර්ශන භාඑඅ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේයි.

මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුට රුපියල් ලක්ෂ 10ක මුදලක් වරින් වර ලැබී ඇති බවයි.

ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සහකරු වන නයන වාසුල නැමැත්තාද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.