ක්ල්බ් වසන්ත සහ තවත් අයෙකුට මරු කැදවූ වෙඩි තැබීමේ නවතමතොරතුරු රැසක් හෙළිවෙයි..

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime
By Sithumini Jul 08, 2024 12:17 PM GMT
Report

අද පෙරවරුවේ අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වන විට සැමගේ අවධානය යොමුව තිබෙනවා මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු අතර තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්වය තවමත් බරපතළයි.

එවැනි පසුබිමක මේ වන විට පොලිසිය තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කොරතොර ප්‍රදේශයේ දමා ගොස් සිටියදි පොලීසිය සොයාගෙන තිබෙනවා.

එමෙන්ම මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ ඇති අතර හිස්වැසුම් පැළඳ මුඛ ආවරණ සහිතව පැමිණ ඇති බව වාර්තා වුණා.

තවද වෙඩික්කරුවන් විසින් ටී-56 වර්ගයේ ගිනි අවි 02ක් භාවිත කර වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය තහවුරු කළා.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය පැවසුවේ. 


සිද්ධිය පිටුපස කම්ජිපානි ඉම්‍රාන් සිටින බවට සැකයක් පවතින බවයි පොලිසිය පැවසුවේ