ලොකු පොඩි කවුරුත් ආස චොකලට් බිස්කට් හදමු...

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jul 12, 2022 09:32 AM GMT
Subodha

Subodha

in රචනා
Report

පොඩි කාලේ අපි කුස්සියේ කවුන්ටරය උඩට නැග්ගේ කැබිනට් එකේ තියෙන බිස්කට් භාජනයට අත දික් කරන්න.  චොකලට් බිස්කට් අපේ ළමා කාලයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. ළමයින් මේවාට ප්‍රිය කරන අතර මව්වරුන් බොහෝ විට චොක්ලට් බිස්කට්  දීමෙන් කුඩා දරුවන් තෘප්තිමත් කරයි. අද අපි බලමු හැමෝම කැමති මේ බිස්කට් එක හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය- 

  • කොකෝවා පව්ඩර් මේසහැඳි 3
  • මාරි බිස්කට් පැකට් 1
  • කිරි කෝප්ප 1/2
  • මිල්ක් චොක්ලට් කෝප්ප 1
  • බටර් ස්වල්පයක්


සාදන අයුරු - 

  • මාරි ටික කෑලි කඩලා ග්‍රයින්ඩ් කරගන්න. මේකට කොකෝවා පව්ඩර් ටිකත් දාලා ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේක බෝල් එකකට දාලා කිරි ටික දාගන්න. හොඳට අනලා ඩෝ එකක් හදාගන්න.දැන් මේක බටර් ගාගත් ලෑල්ලක තියලා අතින් සිලින්ඩරාකාරව හදාගන්න. ඊළඟට ක්ලින් රැප් එකක ඔතලා විනාඩි 30ක් ෆ්‍රීස් කරගන්න. ඊළඟට මේක පෙති කපාගන්න. චොක්ලට් ටික ඩබල් බොයිල් කරගන්න.මේ කපාගත් පෙති චොක්ලට් වල ඩිප් කරලා ෆ්‍රීස් කරගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
join now