මෙරට තුළ සිදුවන ඇග හිරිවැටෙන ළමා ජාවාරම - දැඩි අවධානයෙන් සිටින්න..!

Sri Lanka Police Child Rehabilitation Center Sri Lanka Police Investigation Crime
By Sewvandhi Nov 24, 2023 02:13 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලීසිය ප්‍රකාශ කරන්නේ, මෙරට ළමුන් මැලේසියාව හරහා ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට රැගෙන යන ළමා ජාවාරමක් සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

පොලිසිය පවසන්නේ, මෙලෙස අදාළ පරීක්ෂණවලදී දරුවන් 13 දෙනෙකු මැලේසියාවට යවන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙරට තුළ සිදුවන ඇග හිරිවැටෙන ළමා ජාවාරම - දැඩි අවධානයෙන් සිටින්න..! | Child Trafficking Sri Lanka

මේ අතර, අද (24) මුම්බායි අපරාධ අංශය විසින් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා සිය දෙහැවිදිරි පිරිමි දරුවා සහ මාසයක් වයසැති දැරිය මුදලට අලෙවි කළ මවුපියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මෙලෙස සිදු කර ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

වාර්තා වන්නේ, මෙම මවුපියන් පිරිමි දරුවා ඉන්දීය රුපියල් 60,000කට සහ ගැහැණු දරුවා රුපියල් 14,000කට අලෙවි කර ඇති බවයි.

අදාළ මවුපියන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මුදලට අලෙවි කල ගැහැණු දැරිය සොයා ගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය පවසන්නේ සැකකරුවන් අලෙවි කළ පිරිමි දරුවා සොයා මේ වනවිටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.