දැරියකට අතවර.. උපකාරක පන්ති යවන අය පරිස්සමෙන්.. සියලු විස්තර
13 හැවිරිදි දැරියකට අතවර කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වන ගුරුවරයෙකි.
සැකකාර ගුරුවරයා විසින් දැරියව පොත් රාක්කයක් අසලට යවා මෙලෙස අතවරයට ලක්කර ඇති බව අනාවරණය වී තිබේ. උපකාරක පන්තිය අවසානයේ සිය පියාට දැරිය සිද්ධිය සම්බන්ධයෙන් පැවසීමෙන් අනතුරුව පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේ දැරිය විසින් ගුරුවරයා දැඩි ලෙස සීරීමට ලක්කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත. සැකකාර උපකාරක පන්ති ගුරුවරයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර හෙට (1) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පානදුර දකුණ පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |