මියන්ඇල්ලේ ඉවුරෙන් ඇදවැටුනු ළමයෙකු ජීවිතක්ෂයට...
Sri Lanka Police
Sri Lanka
By Subodha
මාවනැල්ල - ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසළ ඇති මියන්ඇල්ලේ ඉවුරෙන් ඇදවැටුනු 17 හැවිරිදි ළමයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කුණ්ඩසාලේ - පන්සලවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා තවත් ළමයින් අටදෙනෙකු සමඟ ඊයේ(23) දහවල් කාලයේ ඉහළ කෝට්ටේ ප්‍රදේශයට පැමිණ මියන්ඇල්ල නරඹමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බව සඳහන්.
හදිසියේම ඇල්ලේ ඉවුරෙන් පහලට ඇද වැටී බරපතල තුවාල ලැබූ ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |