අසැබි දර්ශන පෙන්වමින්, බාලවයස්කාර දැරියක් බයකරමින් කලක් තිස්සේ අපයෝජනය කල පාපතර එක්දරු පියා...(VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Sep 15, 2022 02:45 PM GMT
Report

වයස අවුරුදු 12ක දැරියක් බියගන්වා කලක් තිස්සේ සිදුකළ අපයෝජනයක් අනාවරණය කරගැනීමට කුලියාපිටිය පොලීසියට හැකිවී තිබේ. එම දැරිය පාසල්යෑම සහ නිවසේ සිටීම ප්‍රතික්ෂේප කරමින් අසාමාන්‍ය ලෙස හැසිරීම හේතුවෙන් ඇයගේ මව සිදුකළ විමසීමකදී දැරිය මේ බව පවසා ඇති අතර පසුව පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන බවට පුවරු සවිකොට කුලියාපිටිය පල්ලේවෙල ප්‍රදේශයේ වෙදමැදුරක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු එක්දරු පියෙකි. දැරිය පවසා ඇත්තේ විශ්ව ශක්තියෙන් කුසට දරුවෙක් ලබාදෙන බව පවසමින් අදාළ පුද්ගලයා ඔහුගේ ජංගම දුරකථනයේ අසැබි දර්ශන නරඹන ලෙසට බලකරමින් තමන්ව අපයෝජනය කළ බවය.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු වසර දෙකක පමණ කාලයක සිට එලෙස දැරියට ලිංගික අතවර සිදුකර ඇති බවය. සැකකරුගේ නිවස යාබද නිවසක පදිංචිව සිටි දැරියක් මෙම අපයෝජනයන්ට ලක්වී තිබේ.

මෙම සිද්ධිය නිසා දැරිය පාසල්යෑම ප්‍රතික්ෂේප කරමින් නිවසේ රැඳීසිටීම ද ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ පිළිබඳව ඇයගේ මව විසින් දැරියගෙන් විමසීමේදී දැරිය මෙම අමිහිරි අත්දැකීම පවසා ඇත. පොලීසිය සඳහන් කළේ තවත් දැරියන් මෙම අපරාධයට ගොදුරුවී ඇත්දැයි සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවය. සැකකරුව කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW