දැරියන් 11 දෙනෙකු වරින් වර අපයෝජනය කළ පාපතරයා - අසාධ්‍ය දැරියක් රෝහලට..

Ratnapura Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Feb 26, 2023 02:22 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

රත්නපුර - රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කළ බව කියන සිද්ධියකට එහි පාලිකාවගේ 60 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු දෙදරු පියෙක් බවයි පොලීසිය සදහන් කරන්නේ. ගොඩකවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු ළමා නිවාසයක සිටින දැරියන් අපයෝජනය වන බවට ලබාදුන් තොරතුරකට අනුවයි ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර මෙම පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ.

මෙම ළමා නිවාසය රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන යනු ලබන අතර එහි ළමයින් 17 දෙනෙකු සිටිනවා. පොලිසිය ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනාවරණ වී ඇත්තේ දැරියන් 11 දෙනෙකු වරින්වර සැකකරු අපයෝජනයට ලක්කර ඇති බවටයි.

එමෙන්ම බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන දැරියක් ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහලටද ඇතුළත් කර තිබෙනවා. අනෙක් දැරියන්ද පොලිසිය ප්‍රකාශ ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

 අත්අඩංගුවට ගත් සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now