හදිසියේම හිටපු අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයාට වුන දේ..

CID - Sri Lanka Police Sri Lanka Police Go Home Gota SL Protest Gota Go Gama
By krishani May 11, 2022 03:40 AM GMT
Report

ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයා අද දින(11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන බවයි.

එයට අනියුක්ත කර ඇති පරීක්ෂණ කණ්ඩායම් සංඛ්‍යාව 6ක් වන අතර ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ අරලියගහ මන්දිරයේ 09 වන දා පැවති හමුව සංවිධානය කළ ප්‍රධාන සංවිධායකවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා ද අද ගෝඨාගෝ ගම පරිශ්‍රයට කැඳවා ඇති බවයි. අරගල භූමියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් යොදවා විමර්ශන සිදු කළ බව ද පොලීසිය වැඩිදුරටත් ප්ව


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join