හවස තේ ඒකට චිකන් වඩ හදමු මෙන්න රෙසිපි...
වඩේ කියන්නේ කවුරුත් කන්න කැමැති අපූරු කෑමක්. උම්බල කඩ වඩේ, පරිප්පු වඩේ වඩේ වර්ග මේ විදිහට එක් එක් නම් වලින් වඩේ වර්ග බොහෝමයක් තියෙනවා. අද අපි හදන හැටි කියන්න යන්නේ චිකන් කන්න කැමැති අයට චිකන් වඩේ හදා ගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
- පැය 2ක් වගේ පොඟවාගත් රතු පරිප්පු ග්‍රෑම් 250
- කපා ගත් රතුළූණු ගෙඩි 12ක් පමණ
- හීනියට කපා ගත් අමු මිරිස් කරල් කිහිපයක්
- කුකුළුමස් 200g
- කරපිංචා
- කෑලිමිරිස් ටිකක්
- ගම්මිරිස් කුඩු
- ලුණු
- පොල්තෙල්
සාදන අයුරු -
පළමුවෙන් කුකුළුමස්වල කටු ඉවත්කු කුඩාවට කපාගන්න. පරිප්පු අඹරන විට රතුළූණු, අමුමිරිස් එකතු කරගෙන පිටි නොවෙන පිටි වගේ ගානට කැබලි හිටින සේ අඹරා ගන්න. අඹරා ගත් පරිප්පු ටික එකට කලවම් කර බලන්න පොඩි බෝලයක් සාදා ඉහිරිලා යනවද කියලා. ඉහරිලා යන්නෙ ගොඩක්ම පරිප්පු ටික වියලි ගතිය වැඩි වුනාමයි. ඒ නිසා ලා තෙත ගතියක් තියෙන්න ඕනි. දැන් අඹරා ගත් පරිප්පු මිශ්‍රණයට කෑලිමිරිස්, කපාගත් මස් , කරපිංචා, උම්බලකඩ කැබලි, ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරන්න.
පසුව පරිප්පු මිශ්‍රණය ගෙන දෙහි ගෙඩි සයිස් බෝල සාදා අත්ල මත තබා අනික් අතින් තද කරන්න. එතකොට ලස්සනට හැඩය එනවා. ඒ විදියට සේරම වඩේ ටික සාදා ගෙන තැටි පිඟානක් මත තබන්න. දැන් තෙල් තාච්චිය රත් වෙනකොට මද ගින්දරේ විනාඩි දෙකක් බැද ලිපෙන් බා නිවෙන්නට හරින්න. පසුව නැවත වරක් ලස්සන පාට එනකම් බැද කෑමට ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |