නැවතත් කුකුළු මස් මිලට වෙන්න යන දේ - බිත්තර ගැනත් අලුත් ආරංචියක්..

Sri Lanka Sri Lanka Food Crisis Nalin Fernando
By krishani Sep 22, 2023 04:58 PM GMT
krishani

krishani

in ආහාර
Report

කුකුළු මස් නිෂ්පාදකයන්ගේ සංගමය වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් පහළ දැමීමට එකඟතාව පළ කළේ ය.

කුකුළු මස් මිල තවදුරටත් අඩු කළ යුතු බව පාරිභෝගිකයින් කියා සිටින අතර කුකුළු මස් ආනයනයෙන් වැළකී නිෂ්පාදන පිරිවැය අවම කරගැනීම සඳහා පහසුකම් සලසන ලෙස කුකුළු ගොවිපොළ හිමියන් සහ සත්ත්ව නිෂ්පාදකයන් රජයෙන් ඉල්ලා සිටියි.

කුකුළු මස් මිල පිළිබඳ අදහස් දැක් වූ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙවැන්නකී,

''සුපර් මාර්කට්වල සාමාන්‍ය කුකුළු මස්වලට අමතරව කෑලි වශයෙන් වෙනස් වෙනස් විදියට ඒ අය විශාල වශයෙන් අලෙවි කරනවා.

ඒවාවල විශාල ලාභ තීරුවක් තියෙනවා.මම ඊයේ හවස ලේකම්තුමාට උපදෙස් දුන්නා සියලුම සුපිරි වෙළෙඳසල් ජාලා ගෙන්නලා වහාම මිල අඩු කරන්න කියලා උපදෙස් දුන්නා.ඒකට ප්‍රතිචාර නැත්තං මම ඒ වැඩ කොටස අතට ගන්නවා.

නොවැම්බර් දෙසැම්බර් වෙද්දි තව රුපියල් 100ක් 150ක් විතර අඩු කරගන්න පුළුවන් නම්, මම හිතන්නෙ රුපියල් 850කට 900කට වගේ කුකුළු මස් කිලෝ එකක් ලබා ගන්න පුළුවන්.

අනිවාර්යයෙන් එහෙම කෙරුවෙ නැත්තන් කුකුළු මස් ආනයනය කරනවා'' යනුවෙන් ය.

එමෙන්ම ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කළේ, කුකුළු මස් මිල අඩු වීමට සාපේක්ෂව කුකුළු මස් ඇතුළත් ආහාර මිල ද අඩු විය යුතු බවයි.

මේ අතර අද (22) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, එළැඹෙන දෙසැම්බර් මාසයෙන් පසු මෙරටට බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.


අඩු කළාට කුකුළු මස් මිල අඩු වෙලා ද?.

අඩු කළාට කුකුළු මස් මිල අඩු වෙලා ද?.