කුකුළු මස් මිලෙහි වෙනසක්?..

Sri Lanka
By krishani Sep 09, 2023 02:41 AM GMT
krishani

krishani

in ආහාර
Report

කුකුළු මස් මිල සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඒ අනුව දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසීය.

මේ අතර දැනට කුකුළු මස් හිඟයක් නොමැති බවත් සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයන් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව ඉදිරියේ දී කුකුළු මස් හිඟයක් නොඑන බවත් දෙසැම්බර් මාසය වන විට නිෂ්පාදන ධාරිතාව වැඩි වී අතිරික්තයකුත් එන බවත් පැවසීය.

රජය විසින් සියලුම සහන ලබා දී ඇති බැවින් නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකි වන බව ඔවුන් බලාපොරොත්තු වේ.

එහිදී විශාලම ප්‍රශ්නය වූ බඩඉරිඟු ලංකාවට ගෙනෙනු ලැබුවහොත් බඩඉරිඟු සම්පූර්ණයෙන්ම ආහාර සඳහා යොදා ගැනීමට හැකි වන බවත් මෙරට නිෂ්පාදන වියදම අඩු කර ගැනීමට හැකි වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.