කුකුල් මස් මිලේ මිල අඩු වීමක් - බිත්තරයක් රුපියල් 30කට..
Sri Lanka
Sri Lanka Food Crisis
Economy of Sri Lanka
By krishani
රුපියල් 1,450ක මිලකට පැවති කුකුළු මස් කිලෝවක් අද (02) සිට සුපිරි වෙළඳසැල්වලින් රුපියල් 1250ක මිලකට ලබාගත හැකි ය.
ඒ බව සමස්ත ලංකා කුකුළු මස් නිෂ්පාදක සංගමය සඳහන් කළේ ය.
මේ බව එම සංගමයේ සභාපති අජිත් වීරසිංහ කියා සිටියේ බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබද කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
එමෙන්ම එම සාකච්ඡාවෙන් අනතුරුව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක කියා සිටියේ උත්සව සමය ආරම්භ වන විට දේශීය බිත්තරයක මිල රුපියල් 30කට පාරිභෝගිකයින්ට ලබාගත හැකි බවයි.