කුකුළු මස් මිල ගැන සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය කියන දේ - බිත්තරයකුත් රුපියල් 40කට?..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Aug 19, 2023 04:23 AM GMT
krishani

krishani

in ආහාර
Report

කුකුළු මස් අලෙවි කිරිම සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය අදහස් දැක්වීය.

ඒ කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200ක මුදලකට අලෙවි කිරීමට හැකි බව පවසමින් ය.

මෙසේ මිල අඩු කිරීමට හැකියාව පවතින්නේ බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම මඟින් බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සති දෙකක් ඇතුළත බඩඉරිඟු ආනයනය කිරීමේ හැකියාව පවතින අතර මෙම සහන මඟින් ඉදිරියේ දී බිත්තරයක් රුපියල් 40ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බව එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ ය.