චාමර සම්පත් අත්අඩංගුවට

Latest Headlines MP Chamara Sampath Dassanayake Sinhala news Puwath.lk Arrest
By R.rishma Oct 12, 2026 08:12 AM GMT
Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

පොස්පේට් අපනයනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවස්ථාව සලසා දීම සහ එම සමාගම්වලට අවශ්‍ය අපනයන බලපත්‍ර ලබාගැනීමට සහාය වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 81ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

චාමර සම්පත් මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සේවය කළ සුමතිපාල ලියනාරච්චි නමැත්තා ද මෙම විමර්ශනයට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන බව ද වාර්තා වේ.

අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර, චෝදනා සනාථ වන තෙක් ඒවා චෝදනා ලෙස පමණක් සැලකිය යුතුය.