අප්‍රේල් මාසයේ නිල සංචිතය ගැන මහ බැංකුවෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක්..

Central Bank of Sri Lanka Sri Lanka
By krishani May 07, 2022 07:05 AM GMT
Report

අප්‍රේල් මාසය අවසානය වනවිට ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 1,827 ක නිල සංචිත වත්කම් පවත්වාගෙන ගොස් ඇත.

ඉන් විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,618 ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

එසේම මාර්තු මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 1,917 ක නිල සංචිත වත්කම් පැවති අතර, විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,702 ක් බව ද සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join