රූපලාවණ්‍ය ශිල්පියාට මරු කැදවූ භයානක මෝටර් රථ අනතුර..(PHOTOS)
Accident
Kalpitiya
Virantha Praween
By Sewvandhi
කල්පිටිය කරුංඤඤංපිටිය ප්‍රදේශයේ පෙරදින රාත්‍රියේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුව අනතුරකින් රූපලාවනය ශීල්පියකු මරණයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කල්පිටිය පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ න් විරන්ත ප්‍රවින් අප්පුහාමි නැමති 25 එක් දරු පියකු බව කියයි.
මරණයට පත් තැනැත්තා තම මිතුරන් දෙදෙනකු පාලකුඩා ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට ගොස් ආපසු පැමිණේමින් තිබියදි මොටර් රථය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවක ගැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටියදි මරණයට පත්ව ඇති බව කියයි.
මෝටර් රථය වට කිපයක් පෙරළි ගොස් විදුලි කනුවේ ගැටි ඇති බවත් පසුපස අසුනේ ගමන් ගත් රුපලාවන්‍ය ශිල්පියාගේ හිසට එහිදි දරුණු තුවාල සිදුව තිබු බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





