මෝටර් රථයේ රෝදයක් කැඩී සිදුවූ බිහිසුණු අනතුර..(VIDEO)

By Sewvandhi Jan 23, 2022 12:38 PM GMT
Report

මෝටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් මෝටර් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. බණ්ඩාරගම, කළුතර මාර්ගයේ ගල්තුඩේ ප්‍රදේශයේදී අද (23) එම අනතුර සිදුවිය.

කළුතර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ගල්තුඩේ පාලම අසලදී එහි රෝදයක් කැඩී ගොස් තිබේ. පසුව අදාළ මෝටර් රථය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් මෝටර් රථයක සහ තිරෝද රථයක ගැටී එම අනතුර සිදුවී ඇති බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

අදාළ අනතුරින් තුවාල ලබා ඇත්තේ, ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි පසුපස ගමන් ගත් පුද්ගලයෙකි. තුවාලකරුවන් බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now