අඩි 1200 ක් උඩ කේබල් රථයක ළමුන් 6ක් ඇතුළු පිරිසක් සිරවෙයි.. භයානක තත්වයේ සජීවි වීඩියෝ සහිතයි(VIDEO)
Pakistan
By Sewvandhi
පාකිස්තානයේ කේබල් රථයක සිරවූ පිරිසක් බේරාගැනීම සඳහා එරට ගුවන් හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහි මේ වනවිට ළමුන් 6ක් සහ වැඩිහිටියන් දෙදෙනෙකු සිරවී සිටින බවය.
පාකිස්තානයේ Pakhtunkhwa පළාතේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා සාමාන්‍යයෙන් මෙම කේබල් කාර් මගින් සිදුකර තිබෙනවා.
මෙම ළමුන් පිරිස සහ ගුරුවරුන් දෙදෙනා අද උදෑසන (7ට පමණ) සිය පාසල වෙත ගමන්කරමින් සිටින අතරතුර මෙම සිදුවීමට මුහුණදී ඇති අතර අඩි 1200ක පමණ ඉහලින් වීමත් අධික සුළං තත්ත්වයත් හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇති බව එම රථය සිරවී තිබෙන්නේ ඒ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
එම මෙහෙයුමේ වීඩියෝ දර්ශන පහතින්.
- සිතුමි -