සිව් දෙනෙකු බිළි වුණු දුම් රිය අනතුරේ රහස පොලීසිය හෙළි කරයි.. (VIDEO)
එකම පවුලේ ඥාතීන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත් කරමින් ගාල්ල - බූස්ස - රිල්ලඹ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමේ සිද්ධියට හේතුව නොසැලිකිලිමත් රිය ධාවනය බව පොලිසිය ප්‍රකාශ කලා. රිය අනතුර සිදු වු අවස්ථාවේදි රිල්ලඹ දුම්රිය හරස් මාර්ගයේ විදුලි සංඥා ක්‍රියාත්මකව තිබී ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
බෙලිඅත්තේ සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින සිග්‍රඝාමී දුම්රියේ අදාළ ත්‍රිරෝද රථය ගැටීමෙන් එකම පවුලේ ඥාතීන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ මෙම අනතුර වාර්තා වූයේ අද පෙරවරුවේයි.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථයේ රියදුරු සමග පුද්ගලයින් සිව්දෙනෙකු එහි සිට තිබූ අතර ඔවුන් බූස්ස වැල්ලබඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ ඥාතීන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.
මේ අතර කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් 10 හැවිරිදි කුඩා දරුවෙකු සහ එහි රියදුරු ජීවිතක්ෂයට පත්වී තවත් හතරදෙනෙකු අද තුවාල ලැබුවා.
හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක හන්දිය ප්‍රදේශයේ දී ද ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී අද සිදුවූ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.
මේ වසරේ ගතවූ දින 28 තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 198 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |